19 වන සියවස අග භාගයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අයත් කරඳන ප්‍රදේශය්ට රජයේ පාසලක් ලබා ගැනීම උදෙසා ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු වූ වෛද්‍යාචාර්ය ආගිරිස් ගුණවර්ධන මැතිදුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දැඩි කැපවීම මත එවකට කුරුවිට කෝරලයේ කර වූ ඩබ්. එම්. ඒ. එක්නැලිගොඩ රටේ මහතාගේ සහ සබරගමුව පළාතේ ඒජන්ත ධූරය දැරූ හර්බට් වේස් මහතාගේ විශේෂ අවධානය ඒ වෙනුවෙන් යොමු වීමෙන් ඒ සඳහා නිර්දේශ ලබා ගත යුතුව තිබූ ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව ඒ වන විට ස්වභාෂා පාඨශාලා පිහිටුවීමට දැක්වූ උද්‍යෝගය මත එහි අධ්‍යක්ෂ ධූරය දැරූ එච්. ඩබ්. ගිරන් මහතාගේ නිර්දේශයෙන් ගම්මුන් විසින් පරිත්‍යාග කළ කරඳන පාරේ නාගහවෙල බොරළුව නම් ඉඩමේ බටකොළ සෙවිලි කර ඉදි කළ මඩුවක 1888 ජුනි 04 වන දින මේ විද්‍යාලය ආරම්භ කරන්නට යෙදුණී.
දහම් එළියෙන් සිවුදෙස ඔපවත් කළ කරඳන විහාරවාසී වැඩ සිටි අපවත් වී වදාළ කරඳන ජිනරතන මාහිමිපාණන් වහන්සේර උපහාර පිණිස 1965.11.12 දින සිට මේ විද්‍යාලය ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය යනුවෙන් නම් කෙරිණි.1888 වර්ෂයේ විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ එස්. ඒ. ඩී. විජේසේකර මහතාය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් විද්‍යාලයීය හා අවට පෝෂක පාසල්හි සිසු දරු දැරියන්ට අ.පො.ස. උසස් පෙළ සඳහා ඇතුළත් වීමට විද්‍යාලයේ පැවති එකම අංශය වූ කලා අංශයෙන් ඔබ්බට යමින් විද්‍යා, ගණීත,තාක්ෂණ හා වාණිජ ආදී අංශයන් තුළින් අධ්‍යාපනය ලැබීමට 2013 වර්ෂයේ සිට අවස්ථාවන් උදා විය.


|
ආරම්භ කළ වර්ෂය |
1988 ජුනි 04 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
76 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.එන්.ටී.ගුණදාස මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ආගිරිස් ගුණවර්ධන වෛද්‍ය අචාර්‍යතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1913 ජූලි 25 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1899 දෙසැම්බර් 08 දින |